February 04 (Citizen.lk News) - අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර සංශෝධනය කර ගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
පෞද්ගලික අපේක්ෂකයන් විසින් තම ප්‍රවේශපත්‍රවල සංශෝධනයක් තිබේ නම්, http://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර එම සංශෝධනය කරගත යුතු අතර, සංශෝධන සිදු කිරීම 2026 පෙබරවාරි 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කිරීමට නියමිතයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වැඩි විස්තර සඳහා :
- ක්ෂණික ඇමතුම් අංකය - 1911
- දුරකථන අංකය - 0112784208, 0112784537
- ෆැක්ස් අංකය - 0112784422
- විද්‍යුත් තැපෑල - [email protected]