දෙස් · · 1 min read

2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ

2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ

March 03 (Citizen.lk News) - ඌව වෙල්ලස්ස දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක යුද­ග­නාව රාජ­මහා විහා­රා­ධි­පති රාජ­කීය පණ්ඩිත ගල්ටැ­ම්වත්තේ නන්ද­ර­තන නායක හිමි­යන් බැහැ­දුටු අව­ස්ථා­වේදී 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ හඳුන්වා දීමට කට­යුතු කරන බව අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ප්‍රකාශ කර තිබෙනවා.

නව පෙළ­පොත් මුද්‍රණ කට­යුතු අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තුව වෙත ලබා­දී­මට කට­යුතු කරන බවත් පළාත් පාස­ල්වල යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට අවශ්‍ය ප්‍රති­පා­දන සියලු පළාත් වෙත ලබාදී ඇති බවත් එම ප්‍රති­පා­දන නිසි ලෙස පාසල් සංව­ර්ධ­න­යට යොදා­ගන්නා ලෙසත්, ඒ අනුව පාස­ල්වල පව­තින අඩු­පාඩු සකස් කර­ගැ­නීම සඳහා ඉල්ලීම් ඉදි­රි­පත් කරන ලෙසත් අග­මැ­ති­නිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම වෘත්තීය අධ්‍යා­ප­න­යට නිසි පිළි­ගැ­නී­මක් ලබා­දෙ­මින් දිස්ත්‍රික්ක 25ම ආව­ර­ණය වන පරිදි නවීන පාඨ­මා­ලා­ව­න්ගෙන් යුතු වෘත්තීය අධ්‍යා­පන මධ්‍ය­ස්ථාන 50ක් සංව­ර්ධ­නය කිරී­මට කට­යුතු කරන බව ද දක්වා තිබෙනවා.