March 29 (Citizen.lk News) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දිස්ත්‍රික් මට්ටමේ නායකත්වය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික කාන්තාවක වන හරිනි විජේතුංග සහ ප්‍රවීණ මාධ්‍යවේදී කරුප්පයියා රාමක්‍රිෂ්ණන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස නිල වශයෙන් පත් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ විසින් පෞද්ගලිකවම මෙම පත්වීම් ලිපි පිරිනමන ලද අතර, ඉදිරි දේශපාලන ක්‍රියාවලීන් ඉලක්ක කරගනිමින් වෘත්තීය නිපුණත්වය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් පක්ෂයේ සංවිධාන ව්‍යුහයට එක්කර ගැනීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් මෙන්ම ක්‍රියාකාරී සමාජ සේවා සාමාජිකාවක වන හරිනි විජේතුංග වෙත කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පැවරී ඇත.

පෞද්ගලික අංශයේ ඇය සතු නායකත්වය සහ සමාජ සේවා දායකත්වය හරහා අගනුවර ව්‍යාපාරික ප්‍රජාව සහ පක්ෂයේ පාක්ෂිකයින් අතර මනා සම්බන්ධීකරණයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, කරුප්පයියා රාමක්‍රිෂ්ණන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු ලෙස පත් කර ඇත. වතු ක්ෂේත්‍රය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය සමඟ සමීප සබඳතා පවත්වන ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ඔහූ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLSJA) ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඔහුගේ සන්නිවේදන හැකියාව සහ ක්ෂේත්‍රය පිළිබඳ ඇති පුළුල් දැනුම කන්ද උඩරට ප්‍රදේශයේ පක්ෂයේ ශක්තිය වර්ධනය කිරීමට මහත් පිටුවහලක් වනු ඇත