16 පෙබරවාරි
05:34:05 පෙර වරු

January 20 (Citizen.lk News) - 2017 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මත්තල ගුවන් තොටුපළ පෞද්ගලීකරණයට එරෙහිව පැවති විරෝධතාවයකදී පොදු දේපලට සිදුවූ හානි සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සහ තවත් පිරිසකට එරෙහිව ගොනුකර ඇති එම නඩුව ලබන 26 වැනිදා කැඳවීමටයි නියමිතව තිබෙන අතර ඒ සඳහා පැමිණීමට නොහැකි බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජනවාරි 26 වනදා ඉන්දියාවේදී පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් ලැබී ඇති ආරාධනාව මත එදින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව දන්වා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.