January 14 (Citizen.lk News) - බත්තරමුල්ල දියත උයන සහ ඇතුල්කෝට්ටේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහර දුන් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
එම පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන බවත්, ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් සඳහන් වනවා.