මෑතක දියත උයන ආසන්නයේ පුද්ගලයෙක් මෝටර් බයිසිකලේක නැගලා SUV වාහනවල කණ්ණාඩි බිඳිමින් ගියා.
ඒ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. තමන්ට ලබාගත නොහැකි වාහනයක තවත් කෙනෙකු යන එක ගැන වෛරයෙන් ඒ ක්‍රියාව සිදුකළ බව පුද්ගලයා පවසා තිබුන.
‘නිර්ප්‍රභූ වීරයෙක්!’ මං ඒ පුද්ගලයා වෙනුවෙන් පෝස්ට් එකක් ෂෙයාර් කළා.
මේ වාහනවල කණ්ණාඩි බිඳිමින් යන පුද්ගලයා කියන්නෙ නිකංම සිදුවීමක් නෙමෙයි. මේක මෙටාෆර් එකක්. නැත්නම් රූපකාර්ථයක්. සංකේතාත්මක ප්‍රචන්ඩත්වයක්.
මගේ අදහස මාලිමාව බලයට ගෙන ඒමේ යාන්ත්‍රණය විදිහට වැඩ කලේ මේ ප්‍රචන්ඩත්වය කියන එකයි. නමුත් තමන් විශ්වාස තැබූ ආණ්ඩුව විසින් තමන් අපේක්ෂා කළ පරිදි ‘ඇති හැකි’ අයවලුන්ට රිදවීම නොකරන නිසා නැවත ඒ ප්‍රචන්ඩකාරී තෘප්තිය හුදකලාව ලබාගැනීමට ජනතාවට සිද්ද වෙලා තියෙනවා.
SUV එකක් කියන්නෙ මොකක්ද? ඒක එක්තරා විදිහක පාංතික සංකේතයක්. ආර්ථික අසමනාතාවයේ ලකුණක්. මෝටර් බයිසිකලයේ පොල්ලක් අරන් පන්නන පුද්ගලයා අසාර්ථක වෙද්දි, සාර්ථක වූවෙකුගේ සළකුණක්. ‘මට කිසිදා ලබාගත නොහැකි සතුටක් මේ පුද්ගලයා ලබමින් සිටී’ යන වේදනාව මතු කරන ජංගම සංකේතයක්. ඒක හරියට ඇවිදන බිල්බෝර්ඩ් එකක් වගේ.
කණ්ණාඩි බිඳීම කියන්නෙත් ගැඹුරු මානසික කතාවක් හෙලි කරන තැනක්. මේ කණ්ණාඩිය ඇතුලෙන් බැලුවම වාහනය අයිති පුද්ගලයාට දැනෙන්නෙ ආඩම්බරයක්. නමුත් මේ කණ්ණාඩියෙන් බැලුවම ‘පොල්ලක් අරන් ලුහුබඳින පුද්ගලයාට දැනෙන්නෙ ලැජ්ජාවක්. තමන් අසමත් යැයි හැගීමක්. එකම කණ්ණාඩිය දෙන්නව පරාවර්තනය කරන්නෙ ආකාර දෙකකට. මේ පුද්ගලයා කරන්නෙ ඒ කණ්ණාඩිය කුඩු කිරීමයි.
අපේ රැඩිකල් වාමාංශිකයන්ගේ අර්ථය අනුව ඒක අරගලකාරී ක්‍රියාවක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මේ කුඩු කරන්නේ අයුක්තියේ කණ්ණාඩියයි කියල අපිට ඕන නම් ලියන්න පුළුවන්.
තවත් ගැඹුරට කියෙව්වොත් මේ පුද්ගලයාට දැනෙන්නෙ ආර්ථික ක්‍රමය ගැන අවුලක්. විරැකියාව ගැන, තමන්ගේ ණය ගැන, ජීවිතය ගැන අවුලක්. ඒත් මේවා ඒ පුද්ගලයාගේ අතට අහුවෙන දේවල් නෙමෙයි. එයාට මේ සියල්ල අර වාහනයේ කණ්ණාඩිය ඇතුලෙන් පේන්න ගන්නවා. හරියට එක කාලයක හඳුන්නෙත්තිට සජිත්ගෙ බත්මුලෙන් පංති පරතරය පේන්න ගත්තා වගේ.
මේ තත්වයට එරෙහි ප්‍රචන්ඩත්වය සාධාරණීකරනය වෙන විපරීත සදාචාරයකුත් පවතිනවා. ඒක පත්තියං වුනු එකක්. මේ වගේ වාහනයක් ගත්ත අය දූෂිතයි, මේ අය කුඩු ව්‍යාපාර කරනවා ඇති, මොවුන් අපෙන් සූරාකෑ ශ්‍රමයෙන් තමයි මේ සුඛ විහරණය විඳින්නෙ. මේ තමයි අපි එරෙහි විය යුතු අයුක්තිය, අසමානතාවය.. මේ දේවල් අපිට ජවිපෙ දේශපාලන වේදිකාවලින් නිතර ඇහිලා තියෙනවා. එතකොට ඒ වේදිකා ඉදිරියේ ඉන්න ඇත්තෙ මේ පොල්ල අරන් යන ප්‍රචන්ඩ අරගලකරුවා වගේ අය කියල අපිට හිතන්න පුළුවන්.
මේ පහුගිය කාලය පුරාවට අපේ ක්ෂනික මෝචන ප්‍රගතිශීලීන් විසින් උඩ දමන ලද නිර්ප්‍රභූ වීරයෙක් කියල මං කියන්නෙ ඒකයි. මේ කැරලි ගහන්නෙ නිර්ප්‍රභූත්වයයි. නිර්ප්‍රභූත්වය කියන්නෙ ශිෂ්ට හෝ තාර්කික ආවේගයක් නෙමෙයි. අපි එය ශිෂ්ට කළ යුතුයි කියල පෙනී හිටියට මාලිමා පාක්ෂිකයන් මේ අරගලකරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕන හරිනම්. SUV වල කණ්ණාඩි කැඩුවට ඩබල් කැබ්වල කණ්ණාඩි කඩන එකක් නෑ කියල අපි උපකල්පනය කරමු.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - faculty of Sex