April 10 (Citizen.lk News) - අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමටද කටයුතු කරන බව තවදුරටත් සඳහන් කර තිබෙනවා.