20 පෙබරවාරි
03:39:00 පෙර වරු
විදෙස් ·

චීන රොබෝ බල්ලකු තමන්ගේ ලෙස පැවසූ ඉන්දියානු සරසවිය AI සමුළුවෙන් ඉවතට

චීන රොබෝ බල්ලකු තමන්ගේ ලෙස පැවසූ ඉන්දියානු සරසවිය AI සමුළුවෙන් ඉවතට

February 19 (Citizen.lk News) - ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන AI සමුළුවට සමගාමීව ඇති ප්‍රදර්ශන කුටියක චීනයේ නිෂ්පාදිත මිල දී ගත හැකි රොබෝ බල්ලකු තමන්ගේම නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ ඉන්දියානු විශ්වවිද්‍යාලයක් ඉන් ඉවත් කර තිබෙනවා.

අදාළ රොබෝ බල්ලා චීනයේ නිෂ්පාදිත Unitree Go2 රොබෝව ලෙසත් එය ඩොලර් 2,800 කට පමණ මිල දී ගත හැකි බවත් එය ගෝලීය වශයෙන් පර්යේෂණ හා අධ්‍යාපනය කටයුතු සඳහා බහුලව භාවිතා කරන බවට ගෝලීය වශයෙන් කතාබහ වන බව වාර්තා වනවා.

අදාළ ඉන්දීය විශ්ව විද්‍යාලයේ සාමාජිකයින් විසින් පසුව පවසා ඇත්තේ රොබෝවරයා විශ්ව විද්‍යාල නිර්මාණයක් නොවන බවත් විශ්ව විද්‍යාලය කිසි විටෙකත් එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය.