රේගුවට ඉතිහාසගත ආදායමක්

රේගුවට ඉතිහාසගත ආදායමක්

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත්, නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්මවා යෑමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කර සිටිනවා.

නොවැම්බර් මාසය වනවිට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවද එහිදී ඔහු සඳහන් කර සිටියා.

එම සංශෝධිත ඉලක්කයද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති