නායයාම් ආශ්‍රිත පාසල් හඳුනාගෙන, ඒවා වෙනත් සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි

නායයාම් ආශ්‍රිත පාසල් හඳුනාගෙන, ඒවා වෙනත් සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනම මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබෙනවා.

‍අග්‍රාමාත්‍යවරිය හා UNICEF සංවිධානයේ නියෝජිතයන් පිරිස අතර සිදු වූ හමුවකදී, අග්‍රාමාත්‍යවරිය විසින් UNICEF සංවිධානයේ නියෝජිතයන් වෙත මෙම දැනුම්දීම සිදු කර ඇත.

ස්වාභාවික ව්‍යසනය සිදු වූ මොහොතේ සිට මේ දක්වාම විපතට පත් ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමත්, හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගා සිටුවීමත් සඳහා රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී කරුණු පැහැදිලි කර දී තිබෙනවා.

විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින්, දෙමව්පියන්ට අමතර බරක් නොවී නැවත දරුවන් පාසල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, දරුවන්ට, නිවසට පසු ආරක්ෂිතම ස්ථානය පාසල බැවින් එහිදී ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සාධනීය මට්ටමකට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර හා නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගු

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. “කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘති