March 03 (Citizen.lk News) - මැදපෙරදිග උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අද (03) පෙරවරුව වන විට ඩොලර් 5,350 සීමාව පසු කර ඇත.
මෙම තත්ත්වය තුළ මෙරට රන්මිල ද අද රු. 15,000/= ඉහල ගොස් ඇත.
ඒ අනුව, කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 393,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක මිල රු. 425,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.