February 16 (Citizen.lk News) - ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරී තනතුරු 97ක්, ගුවන්තොටුපළ සේවා සහායක තනතුරු 28ක් , කාර්මික නිලධාරී තනතුරු 29ක්, කළමනාකරණ සහකාර තනතුරු 31ක්, කාර්ය මණ්ඩල හෙද තනතුරු 1ක්, භූමි ආධාරක උපකරණ ක්‍රියාකරු තනතුරු 1ක් සහ අභ්‍යන්තර විගණන පරීක්ෂක දෙවන ශ්‍රේණිය තනතුරු 1ක් ලෙස තනතුරු 188ක් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් (15දින) සිවිල් ගුවන්සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යංශ ලේකම් සහ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස් මංගල, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකාරිත්වය, අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහ අද දින පත්වීම් ලිපි භාරගත් පත්වීම් ලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.