20 පෙබරවාරි
03:40:44 පෙර වරු
විදෙස් ·

ද.කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ද.කොරියා හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

February 19 (Citizen.lk News) - දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල් හට සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් අද (19) ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ 2024 වසරේදී යුද නීතියක් පැනවීමට උත්සාහ කරමින් රාජ්‍ය විරෝධී කැරැල්ලක් මෙහෙයවීමේ චෝදනාවට වරදකරු වීම මත වන අතර විශේෂ රජයේ අභිචෝදකයන් විසින් ඔහුට මරණ දඬුවම ලබා දෙන ලෙස නිර්දේශ කර තිබුණ ද, අධිකරණය විසින් එය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.