20 පෙබරවාරි
03:38:31 පෙර වරු
දෙස් ·

නතාෂා අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ කණගාටුව

නතාෂා අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ කණගාටුව

February 19 (Citizen.lk News) - ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව පළකර තිබෙනවා.

බුදු දහමට අපහාස කළේ යැයි වූ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර ඊට කණගාටුව පළ කරමින් ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බව ද වාර්තා වනවා.