June 26 (Citizen News) - ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් වී සති දෙකකටත් අවම කාලයකින් ඊලෝන් මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 350 කට ආසන්න ප්‍රමාණයකින් පහළ වැටීමත් සමග ලොව පළමු ට්‍රිලියනපතියා යන තත්ත්වය අහිමි වී තිබෙනවා.
ඒ අනුව තාක්ෂණික ව්‍යවසායකයෙකු වන එලොන් මස්ක්ට SpaceX සහ Tesla කොම්පනිවල කොටස් මිල ඉතාමත් තියුණු ලෙස පහළ යාම මීට හේතු වූ බව වාර්තා වන අතර Bloomberg Billionaires Index දත්ත අනුව, මේ මස මුලදී ඩොලර් ට්‍රිලියන 1.3 කට අධික ධනයක් තිබූ මස්ක්ගේ වත්කම් දැන් ඩොලර් බිලියන 957 දක්වා පහළ වැටී තිබෙනවා.
SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට ඇතුළු වීමත් සමඟ ඒ සමාගමේ වටිනාකම විශාල ලෙස ඉහළ යාමත් සමග ට්‍රිලියනපතියෙකු බවට පත් විය. නමුත් SpaceX කොටස් ඉන් පසු ඉහළම අගයට සාපේක්ෂව 30%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී ඇති අතර Tesla කොටස් ද පහළ යාම ඔහුගේ ධනයෙන් විශාල කොටසක් මෙලෙස ගිලිහී යාමට හේතු වී ඇත.