January 29 (Citizen.lk News) - කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control / E-Gate System) විවෘත කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ අතර මෙරට පළමු E-Gate පාලන පද්ධතියද වනවා.
ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක වටිනාකමකින් ඉදි කළ මෙම ගේට්ටු පහසුකම යටතේ, බෝවන රෝග හඳුනා ගැනීම වැනි පහසුකම් ගණනාවක් ද ඇතුළත් අතර, මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ද ඉහළ නැංවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40 ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිම කිරීමට හැකියාව පවතින බවද සඳහන් වනවා.