April 08 (Citizen.lk News) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති වශයෙන් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.
ආචාර්ය ජයවර්ධන මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු ලෙස රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකුද වනවා.
ඒ අනුව ධූරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (08) සිදුව තිබෙනවා.