බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව දක්වා තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට මෙවර නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමක් නොවූ අතර නිදහස් කළ යුතු රැඳවියන්ගේ ලැයිස්තුව විෂය භාර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් සිරකරුවන් සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ඉල්ලා ඇති අතර, ඒවා ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවත් ඉදිරියේදී නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සිදු කරනු ඇති බවද සඳහන් වනවා.