ව්‍යාපාරික ·

DC සමූහයේ අර්ජුන් ජේගර්, Campaign Asia හි ‘40 Under 40’ නාමාවලියට

DC සමූහයේ අර්ජුන් ජේගර්, Campaign Asia හි ‘40 Under 40’ නාමාවලියට
අර්ජුන් ජේගර්: DC සමූහයේ (DC Group) සම-නිර්මාතෘ සහ කළමනාකාර හවුල්කරු

June 18 (Citizen News) - DC සමූහයේ (DC Group) සම-නිර්මාතෘ සහ කළමනාකාර හවුල්කරු වන අර්ජුන් ජේගර් (Arjun Jeger), ආසියා-පැසිෆික් කලාපය පුරා අලෙවිකරණ (Marketing), මාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන නැගී එන නායකයින් ඇගයීම සඳහා පිරිනමනු ලබන, Campaign Asia හි කීර්තිමත් ‘40 Under 40’ (වයස 40 ට අඩු විශිෂ්ටයින් 40 දෙනාගේ) 2026 කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ආසියා-පැසිෆික් කලාපයේ වෙළෙඳපොළවල් 14 ක් නියෝජනය කරමින්, ඔවුන්ගේ ව්‍යාපාරික ජයග්‍රහණ, නවෝත්පාදන සහ සමස්ත ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් වූ සුවිශේෂී නායකයින් කණ්ඩායමකට ඔහු එක් වෙයි.

මෙම ඇගයීම, 2017 වසරේදී ඉතා සීමිත ඉතිරිකිරීම් ප්‍රමාණයක් සහ කිසිදු බාහිර ආයෝජනයකින් තොරව ‘Digital Content’ නමින් කුඩා ආරම්භක ව්‍යාපාරයක් (Startup) ලෙස ඇරඹි ගමනක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒජන්සි (Agencies) සාම්ප්‍රදායික දැඩි ව්‍යූහයන්ගෙන් ඔබ්බට ගොස් ‘ප්ලැට්ෆෝම් කේන්ද්‍ර කරගත් කතන්දර කීමේ කලාව’ (platform-first storytelling) වැළඳගත යුතු ය යන විශ්වාසය පෙරදැරිව, ජේගර් විසින් මෙම ව්‍යාපාරය ගොඩනඟන ලද්දේ "එක් කෙටි උපදෙසක් (one brief), එක් කණ්ඩායමක්, එක් මැනිය හැකි ප්‍රතිඵලයක්" යන සරල දර්ශනය පදනම් කරගනිමිනි.

කුඩා ඩිජිටල් අන්තර්ගත නිර්මාණ ඒජන්සියක් ලෙස ආරම්භ වූ මෙම ව්‍යාපාරය, අද වන විට ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාධීන නිර්මාණාත්මක ජාලයන්ගෙන් එකක් වන DC Group දක්වා වර්ධනය වී ඇත. නිර්මාණශීලීත්වය (creative), නිෂ්පාදන (production), ඉන්ෆ්ලුවෙන්සර් අලෙවිකරණය (influencer marketing), පර්ෆෝමන්ස් මීඩියා (performance media), මාර්ටෙක් (martech), මාධ්‍ය සහ සජීවී අත්දැකීම් (live experiences) යන ක්ෂේත්‍රයන් පුරා පැතිරුණු විශේෂිත සමාගම් නවයක් (9) හරහා වෘත්තිකයන් 150 කට අධික පිරිසකට මෙහි රැකියා අවස්ථා සලසා දී තිබේ.

මෙම ව්‍යාපාරික වර්ධනය ළඟා කරගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයන් තුළදීය. 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ගෝලීය වසංගත තත්ත්වය සහ 2022 වසරේ රටේ ඇති වූ ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, තම සේවකයින් සහ හවුල්කරුවන් වෙනුවෙන් වූ සියලුම බැඳීම් අකුරටම ඉටු කරමින්, එකදු වැටුප් චක්‍රයක් හෝ අතපසු නොකර වර්ධනය වීමට DC Group සමත් විය.

පසුගිය වසර තුළ 31% ක වර්ධනයක් වාර්තා කළ මෙම සමූහ ව්‍යාපාරය, නයිරෝබි හි ‘DC International’ ආරම්භ කරමින් නැගෙනහිර අප්‍රිකාව වෙත තම ජාත්‍යන්තර සබඳතා ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. එමෙන්ම, අලෙවිකරණ පරිවර්තනයේ මීළඟ යුගයට ගනුදෙනුකරුවන්ට මගපෙන්වීම සඳහා කෘතිම බුද්ධිය (AI) කේන්ද්‍ර කරගත් විශේෂිත ඒජන්සියක්ද ඔවුන් විසින් පිහිටුවා ඇත.

ආයතනය තුළ, ජේගර් විසින් හිමිකාරිත්වය මුල් කරගත් ආදර්ශනයක් (ownership-driven model) හඳුන්වා දුන් අතර, එමඟින් ජ්‍යෙෂ්ඨ විශේෂඥයින්ට කොටස් සහභාගීත්වය (equity participation) සහිත ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාරික අංශ මෙහෙයවීමට බලය පැවරිණි. 

මෙය වඩාත් ගැඹුරු වගවීමක්, සේවකයින් ආයතනය තුළ රඳවා ගැනීමේ ඉහළ හැකියාවක් සහ සැමට පොදු නායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට සමත් විය. අද වන විට, DC Group හි සමස්ත සේවක මණ්ඩලයෙන් අඩක්ම කාන්තාවන් නියෝජනය කරන අතර, ඔවුන් නායකත්ව තනතුරුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ද හොබවති.

ව්‍යාපාරික කටයුතුවලින් ඔබ්බට, ජේගර් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමයේ (DMASL) සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, එහිදී ඔහු වෘත්තිකයන් 1,000 කට අධික පිරිසක් ගෝලීය ක්ෂේත්‍රයේ නායකයින් සමඟ සම්බන්ධ කිරීමට සහය වී ඇත. ‘She Loves Data’ සමඟ හවුල්කාරිත්වයෙන් ‘Women's Chapter’ (කාන්තා අංශය) ආරම්භ කිරීම ඇතුළු විවිධත්ව මුලපිරීම් වෙනුවෙන් පෙනී සිටි ඔහු, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමටද විශාල දායකත්වයක් ලබා දී තිබේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් අර්ජුන් ජේගර් මෙසේ පැවසීය:

"මෙම ඇගයීම මට පෞද්ගලිකව ඉතා සමීප එකක්. මොකද මේක හුදෙක් පුද්ගලික ජයග්‍රහණයකට වඩා එහා ගිය දෙයක් නියෝජනය කරනවා. බාහිර ප්‍රාග්ධනයක් නොමැතිව සහ අපගේ වටිනාකම් ලඝු වීමට නොදී, අපේ රට මුහුණ දුන් වඩාත්ම දුෂ්කර වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාවෙන් ලෝක මට්ටමේ ඒජන්සියක් බිහිකළ හැකියි කියා විශ්වාස කළ සෑම කෙනෙකුටම මේ ඇගයීම අයිති වෙනවා. අප ආරම්භ කරන ස්ථානය අපට කොපමණ දුරක් යා හැකිද යන්න තීරණය නොකරන බවටත්, ශ්‍රී ලංකාවේ දක්ෂතාවලට ලෝකයේ ඕනෑම මට්ටමක තරඟ කර ජයග්‍රහණය කළ හැකි බවටත් මෙය හොඳ මතක් කිරීමක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

සබැඳි (Links):