දෙස් ·

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට දින නියම කෙරේ

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට දින නියම කෙරේ

March 13 (Citizen.lk News) - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිට ඇත.