January 20 (Citizen.lk News) - ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා මධ්‍යම රාත්‍රී 12න් පසු ක්‍රියාත්මක වන පරිදි විශේෂ ඇඳිරි නීතියක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.
ඊට හේතුව වන්නේ පසුගිය 'අළු බඳුන' (Ashes) තරගාවලියේදී සහ නවසීලන්ත සංචාරයේදී ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයන් මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව, ක්‍රීඩකයින් සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12 වන විට නැවත සිය හෝටලය වෙත පැමිණිය යුතු බවත්, කණ්ඩායම් කළමනාකාරීත්වයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු ක්‍රීඩකයෙකුට ඉන් බැහැරව සිටීමට අවසර නොලැබෙන බවටත් කොන්දේසි ඇතුලත් බව වාර්තා වනවා.