March 13 (Citizen.lk News) - අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අද අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.
ඒ අනුව, බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.