February 11 Citizen.lk News) - කෝප් කමිටුව විසින් පසුගිය වසර පහ තුළ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කර ඇත්තේ විගණන වාර්තා ද පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදු කරන බවයි.
ගෙවුණු වසර 05 තුළ ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළේ ද, ඒවා විනිවිද පෙනෙන අයුරින් සිදු කළේ ද යන්න මෙන්ම, ගල් අඟුරු ආනයනය සඳහා සම්බන්ධීකරණය සිදු කළේ කුමන පාර්ශ්ව ද යන්න එහිදී සොයා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.