January 30 (Citizen.lk News) - සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරන බව අන්තර්ජාතික සයිබර් අපරාධ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සයිබර් සූදුව හා වංචා කිරීම යන අපරාධ පොදුවේ තුරන් කිරීමෙන් ජනතාවගේ දේපොළ හා ජිවිතවල සුරක්ෂිතභාවය මෙන්ම කලාපීය රටවල් අතර පවතින නිසි හුවමාරු පටිපාටිය සුරක්ෂිත කිරීමේදී කැපීපෙනෙන ප්‍රතිඵල ලබා ගැනීමට චීනය මේ වනවිට සමත්ව ඇති බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.