March 24 (Citizen.lk News) - සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.
එම සමාගම් පෙන්වා දෙන්නේ, රුපියල් 150 - 175ත් අතර මිලකින් සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවයි.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇත.
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි, ගල්, යකඩ ඇතුළු සියලු භාණ්ඩවල මිල මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද ශ්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් සඳහන් කරනවා.