February 13 Citizen.lk News) - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා අප්‍රේල් 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (13) දින නියම කර තිබෙනවා.
ඒ අනුව අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කර තිබුණේ 2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනාව සම්බන්ධයෙනි.