23 අප්‍රේල්
05:28:09 පස් වරු

මෙරට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස් වෙත වැඩම කරවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

මෙරට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස් වෙත වැඩම කරවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි

April 23 (Citizen.lk News) - මෙරට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා, වන්දනාමාන කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් නීලගිරි ස්තූප කැනීමෙන් අනාවරණය කරගත් ධාතූන් වහන්සේලා, තායිලන්ත රජයෙන් ප්‍රදානය කර ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතූන් වහන්සේලා මෙන්ම, මහියංගන රජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙලෙස ඇමරිකාවට වැඩම කරවීමට නියමිතයි. 

සර්වඥ ධාතූන් වහන්සේලා 2026 මැයි 02 වැනිදා සිට මැයි 10 වැනිදා දක්වා ටෙක්සාස් ප්‍රාන්තයේ මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර දෙන ලෙස රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.