April 03 (Citizen.lk News) - ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, WTI Crude වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 11.41% ක වැඩිවීමක් ලෙසයි සටහන් වනවා.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114 දක්වා ඉහළ ගොස් ඇත.