04 පෙබරවාරි
08:11:37 පෙර වරු
කෙළිබිම ·

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට

January 21, (Citizen.lk News) - විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අද (21) නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බව වාර්තා වන්නේ

මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයටද දැනුම් දී ඇති බව සඳහන්ය.

බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්යෙන් අද පැවති තීරණාත්මක සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ රැස්වීමෙන් පසු ඡන්දයක් පවත්වා ඇති අතර, එහිදී ආදේශකයෙකු පත් කිරීමට බොහෝ දෙනෙකු පක්ෂව ඡන්දය ලබාදී ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ තම ස්ථාවරය දැනුම්දීමට  ICCය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනට තවත් එක් දිනයක් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, බංග්ලාදේශය සිය තීරණය වෙනස් නොකරන්නේ නම්, බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය 'C' කාණ්ඩයේ තරග කිරීමට නියමිතය.