March 09 (Citizen.lk News) - බංගලාදේශයේ විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය කිරීමේ හදිසි පියවරක් ලෙස එරට සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල අද (09) සිට වසා තැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ එරට විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑම වෙනුවෙන් දෛනිකව විශාල විදුලිය ප්‍රමාණයක් වැය වන බවත් විශ්ව විද්‍යාල අවට ඇතිවන මාර්ග තදබදය හේතුවෙන් ඉන්ධන නාස්ති වන බවත් බංගලාදේශ බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.