20 පෙබරවාරි
03:37:44 පෙර වරු
දෙස් ·

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමක්

February 19 (Citizen.lk News) - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08 ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම බැංකු ගිණුම් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර විවෘත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.