February 15 Citizen.lk News) - ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හෙට(16) දිවයින පුරා නීතිඥවරුන් අධිකරණ කටයුතුවලින් බැහැර වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
ඒ අනුව මෙම ඝාතනයට විරෝධය දැක්වීම සඳහා හෙට දිනයේ සියලුම අධිකරණ කටයුතු වර්ජනය කිරීමට නීතිඥවරුන් තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.