January 20 (Citizen.lk News) - අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඒ අනුව ජනන යන්ත්‍ර තුනම මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඇති අතර මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් මෙලෙස පද්ධතියට එක්කර තිබෙනවා.
පසුගිය නොවැම්බර් 03වන දින සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලක්විජය ගල්අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබු අතර දෙසැම්බර් මස 20වන දින තවත් ජනන යන්ත්‍රයක් හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය විය.
එම ජනන යන්ත්‍ර දෙකම මේ වන විට අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව සක්‍රීය තත්ත්වයෙන් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.