විදෙස් ·

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

March 04 (Citizen.lk News) - මැදපෙරදිග කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳාමට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට එල්ල වී ඇති බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ වත්මන් තත්ත්වය හේතුවෙන් දැනටමත් ගෝලීය වෙළඳ ගලායාම්වලට බාධා පැමිණ ඇති අතර බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය වෙළඳපොළේ දැඩි අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති බවයි.

මෙම අර්බුදය දැනටමත් පවතින අවිනිශ්චිත ගෝලීය ආර්ථික වාතාවරණය තවදුරටත් සංකීර්ණ කරන බව IMF ආයතනය පෙන්වා දෙන අතර මෙම ගැටුම මැදපෙරදිග කලාපයට හෝ සමස්ත ලෝක ආර්ථිකයට සිදු කරන පූර්ණ බලපෑම තක්සේරු කිරීමට තවමත් කල් වැඩි බවත්, එහි අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ගැටුමේ ප්‍රමාණය සහ එය පවතින කාල සීමාව මත බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.