March 25 (Citizen.lk News) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එහිදී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බව නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇති අතර විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිව ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී දෙරටේ නායකයින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනය කළ බව වාර්තා වනවා.