05 අප්‍රේල්
06:11:17 පස් වරු
දෙස් ·

වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු වෙනුවෙන් නිර්දේශ මාලාවක්

වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු වෙනුවෙන් නිර්දේශ මාලාවක්

March 30 (Citizen.lk News) - පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිර්දේශ වශයෙන් පහත කරුණු දක්වා තිබෙනවා.

  1. දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇතිවන මස්පිඬු පෙරලීම - අත් පා හා උදරයේ මස්පිඬු වේදනාව හා පෙරලීම
    ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සෑම මිනිත්තු 15 කට ම වරක් වීදුරු භාගය බැගින්)
  2. අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය (Heat Exhaustion) - අධික දහදිය දැමීම. ශරීර අප්‍රාණික බව, ක්ලාන්තය
    ප්‍රථමාධාර - සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (සෑම මිනිත්තු 15 කට ම වරක් වීදුරු භාගය බැගින්) ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම
  3. ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke) - අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම හා ශ්වසන වේගය වැඩිවීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම

ප්‍රථමාධාර - සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙන යාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම/ බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම. මෙය දැඩි අවදානම් තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතු ය. මෙවැනි අවස්ථාවක දී 1990 අමතා රජයේ සුව සැරිය ගිලන් රථ සේවයේ සහය හෝ නැතහොත් ළඟ ම රෝහලේ ගිලන් රථය හෝ ලබා ගැනීමට ක්‍රියා කිරීම.

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීම

පහසුකම් සැලසීම

සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම