April 08 (Citizen.lk News) - අවුරුදු සමයේ සංවිධානය කරන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෝ නොවන රෝග ඒකකය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කොට්‌ට පොර ගැසීම, කනා මුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පා පැදි තරග, පිහිනුම් තරග, ඔරු පැදීමේ තරග, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම, ලිස්සන ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනී පැනීම යනාදී තරගවලට සුවිශේෂී අවදානයක් යොමුකරමින් මෙම මාර්ගෝපදේශ නිකුත්කර තිබෙනවා.
එසේම සහභාගි වන්නන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මාර්ගෝපදේශ නිකුත්කර තිබෙනවා.
අදාල මාර්ගෝපදේශ මාලාව පහතින්