09 පෙබරවාරි
04:19:33 පෙර වරු
දෙස් ·

දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් රිවෝල්වරයක් සොයා ගැනේ

දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් රිවෝල්වරයක් සොයා ගැනේ

February 08 (Citizen.lk News) - මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන මාර්ගයක් අසල සඟවා තිබූ රිවෝල්වර ගිනි අවියක් ඊයේ (07) සොයාගෙන ඇත.

ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින්ය.

එය Belgium Velo-dog Revolver 7.65mm NVSN මාදිලියට අයත් එකක් බව සඳහන් වනවා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.