25 පෙබරවාරි
06:29:21 පෙර වරු
දෙස් ·

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

රෝහල් හා ඔසුසැල්වලට ඖෂධ නිකුත් කිරීමෙන් අනතුරුව ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සතුව ඇති පරීක්ෂණාගාර යොදා ගැනීමට කටයුතු කරන බවත් ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.