දෙස් ·

මෙදා අලුත් අවුරුද්දට ඒකාබද්ධ නැකැත් සීට්ටුවක්

මෙදා අලුත් අවුරුද්දට ඒකාබද්ධ නැකැත් සීට්ටුවක්

March 16 (Citizen.lk News) - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි සඳහන් කරන්නේ ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාව හිමි වූ බවයි.

ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයන් තමා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම අවසන් එකඟතාවට පැමිණ ඇති අතර ඒ අනුව, හෙට (17) දිනයේදී නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.