January 18 (Citizen.lk News) -මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීම නිසාවෙන් ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගම රු මිලියන 980ක් වන්දියක් ලෙස ඉල්ලා තිබෙනවා.
මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ආර්.එම්.ජේ.එන්. රත්නායක සඳහන් කරන්නේ මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමාගමට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තවමත් ගණන් බලා නැති අතර පඬුකරඳ ගස නිසි වේලාවට ඉවත් කිරීමට නොහැකි වීමෙන් පමණක් මෙසේ රු. මිලියන 1000කට ආසන්න මුදලක් රටට අහිමි වූ බවයි.