February 18 (Citizen.lk News) - "සුරකිමු ලකඹර" තේමාව පෙරදැරිව මෙරට ගුවන්තලය රැකගැනීමේ භාරදූර වගකීම ඉටුකරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිය අභිමානවත් 75 වන සංවත්සරය 2026 මාර්තු මස 02 වන දින සැමරීමට සිය කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පසුගිය 18 වනදා ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුණා.
ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ගොල්ෆ් තරගාවලියක්, ගුවන් හමුදා පාපැදි සවාරියක්, අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, ගුවන් සංදර්ශනයක් සහ සංගීත ප්‍රසංගයක් ඇතුළු වැඩසටහන් මාලාවක් පෙබරවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වීමට නියමිතයි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ සෘජු මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත.
ගුවන් සංදර්ශන සහ තාක්ෂණික ප්‍රදර්ශනය
සංවත්සරයේ සුවිශේෂී අංගයක් ලෙස ගුවන් සංදර්ශන සහ ගඟන ශිල්පීය තාක්ෂණික දැනුම ඇතුළත් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් මාර්තු මස 07, 08 සහ 09 යන දිනයන්හිදී රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ගුවන් හමුදා පාපැදි සවාරිය
27 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය පෙබරවාරි 27, 28 සහ මාර්තු 01 යන දිනයන්හිදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව, පැවැත්වෙන මෙම පාපැදි සවාරියට දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතයි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ටොයොටා ආයතනය, Verus Analytics (Pvt) Ltd හා අබාන්ස් පුද්ගලික සමාගම විසින් ප‍්‍රධාන අනුග‍්‍රහයකත්වය ලබා දෙන අතර, Cosmic Technologies Pvt Ltd, Sri Lanka tourism promotion bureau, Sri Lanka insurance cooperation, Bank of Ceylon, Unilever Sri Lanka, Asian paints (causeway), Metropolitan technologies, National lotteries Board, මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම සහ CEAT Kalani holdings යන ආයතන විසින් අනුග‍්‍රහකත්වය සපයනු ලබනු ඇති.
ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය
13 වන වරටත් පවත්වනු ලබන 'ගුවන් හමුදාපති කුසලාන' (Commander’s Cup) විවෘත ගොල්ෆ් තරගාවලිය පෙබරවාරි 20 සහ 21 යන දිනයන්හිදී ත‍්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ලින්ක්හිදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
මෙම ගොල්ෆ් තරගාවළියේ දී ගුවන් හමුදාපති කුසලානයට සමගාමීව ත‍්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරඟකරුවන් පිරිමි සහ කාන්තා කාණ්ඩයන්ට අයත්ව දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරඟ වැදිමට නියමිතව ඇත.
දෙස් විදෙස් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිත ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවළිය තුලින් ශ‍්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ එක්තරා පැතිකඩක් වන ක‍්‍රීඩාව මත පදනම් වූ සංචාරක කර්මාන්තය (Sports Tourism) ප‍්‍රවර්ධනය කිරීමට ගුවන් හමුදාව සතු අනුරාධපුර, කොග්ගල හා චීනවරාය යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති ගොල්ෆ් ක‍්‍රීඩාංගන ත‍්‍රිත්වයක් මේ වනවිටත් සුවිශේෂි කාර්යභාර්යයක් ඉටුකරනු ලබන අතර මෙමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව තම සෘජු දායකත්වය ලබා දි ඇත.
ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2026 පෙබරවාරි මස 21 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
“Symphony of Wings” සංගීත ප්‍රසංගය
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් “Symphony of Wings” සංගීත ප්‍රසංගය මාර්තු මස 28 වනදා රාත්‍රී 7.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත් වීමට නියමිතයි.
මේ පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත සමීප කරවීමට Citizen.lk වන අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා අපගේ Citizen WhatsApp චැනලයට එකතු වෙන්න.