March 10 (Citizen.lk News) - මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) ආරම්භ වන අතර අද සිට නොවැම්බර් දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩවල අහඹු ලෙස තෝරාගත් 10,000ක නියැදියක දත්ත එක්රැස් කිරීමට නියමිතයි.
ඒ අනුව පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළදී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.