2026 වසරේ ගත වූ පළමු දින 15 තුළ 131,898 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව, ජනවාරි 12 වන දා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම 100,000 සීමාව ඉක්මවීමට සමත් වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් වැඩි ම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


