පුවත් ·

උඩවලව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක ජල කප්පාදුවක්

උඩවලව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 13ක ජල කප්පාදුවක්

June 17 (Citizen News) - උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු කෙරේ.

ඒ අනුව, උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.