April 07 (Citizen.lk News) - පවතින කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා පැය 12 ක කාලයක් මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිලවත්ත, නියඳගල, මාගම්මන, මහ කටුවාන, දෙනිය සහ දියගම විශ්ව විද්‍යාලය යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.