සොයුරා සහ සොයුරිය බිලිගත් රටටම මනුසත්කම රැගෙන පැමිණි තරුණයා

සිය පියා සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිය දී පසුගිය අප්‍රියෙල් පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්ව අවාසනාවන්ත ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක් වන 19 හැවිරිදි ඩැනියෙල් ලින්සි සහ 15 හැවිරිදි අමෙලි ලින්සි ජිවිතයෙන් සමුගත්හ.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් තම නැගණිය සහ සොහොයුරා මෙලොව හැරගිය ද ඉන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සුභවාදී දෙයක් කිරීමට ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරා වන 21 හැවිරිදි ඩේවිඩි ලින්සි තීරණය කර ඇත.

ඔහු විසින් “දී අමෙලි ඇන්ඞ් ඩැනියෙල් ලින්සි” පදනම ආරම්භ කෙරුණු අතර ප්‍රහාරයෙන් විපතට පත්වූ මෙරට පවුල්වලට උපකාර කිරීම හා සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම එහි අරමුණවි තිබේ.

එම පදනම් හරහා එක් රැස් කර ගන්නා ලද මුල්‍යධාර රැගෙන දිවයිනට පැමිණ සිටින ඬේවිඩි ලින්සි අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී තම වැඩපිළිවෙළ පිළිබඳව එතුමා දැනුවත් කරනු ලැබී ය.

කොළඹ, මඩකලපුව සහ මීගමුව රෝහලවල හදිසි වෙද්‍ය උපකරණ අවශ්‍යතා සම්පාදනය කිරීමට ද මෙම පදනම හරහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.