> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ගාසා සාම මණ්ඩලය ජාත්‍යන්තර සංවිධානයක් කිරීමේ ප්‍රඥාප්තියට ලෝක නායකයන් අත්සන් තබයි.
- URL: https://www.citizen.lk/world-leaders-sign-the-charter-to-make-the-gaza-peace-council-an-international-organization/
- Published: 2026-01-23T07:40:21.000Z
- Updated: 2026-01-23T07:40:21.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

January 23 (Citizen.lk News) - ගාසා සාම මණ්ඩලය, නිල ජාත්‍යන්තර සංවිධානයක් ලෙස නම් කිරීමේ ප්‍රඥප්තියට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයින් ඊයේ (22) අත්සන් තබා තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ, ඩාවෝස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවති විශේෂ උත්සවයකදී ය.

ගාසා තීරයේ ප්‍රතිසංස්කරණය සහ පාලනය අධීක්ෂණය කිරීම සඳහා මෙම ගාසා සාම මණ්ඩලය පිහිටුවන බවයි සඳහන් වන්නේ.

තුර්කිය, පාකිස්තානය සහ කටාර් ඇතුළු රටවල් 19 ක ඉහළම නායකයින් මෙම ප්‍රඥප්තිය අත්සන් කිරීමට එක්ව සිටියා.

කෙසේ වෙතත්, මෙහි ඇති මතභේදාත්මක කරුණ වන්නේ, එහි ස්ථිර සමාජිකත්වය ලබාගැනීම සදහා රටවල් විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවට වන කොන්දේසියයි.

එම කොන්දේසිය හේතුවෙන් චීනය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මෙම සාම මණ්ඩලයට එක්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.