ත්‍රස්ත ප්‍රහාරයේ 10 වැනි සැකකරුගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර.

0
157

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉන්සාක් අහමඩ්ට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව 10 වැනි සැකකරු කරුපය්යා රාජේන්ද්‍ර අබ්දුල්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (13) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙත අවසර ලබාදුන්නා.

එමෙන්ම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත හෙට (14) සහ අනිද්දා (15) යන දින දෙක ඇතුළත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කළා.

දෙහිවල ප්‍රදේශයේ ලැඟුම්හළක බෝම්බයක් පිපිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here