> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# වෙසක් පෝය වෙනස් වෙයිද?
- URL: https://www.citizen.lk/will-vesak-poya-change/
- Published: 2025-12-29T09:03:06.000Z
- Updated: 2025-12-29T09:03:06.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසන් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු වන බව දැනුම්දෙමිනි.

ඒ අනුව ලබන වසරේ මැයි 30 වැනි දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සුදුසු බවත් වෙසක් පොහෝ දිනය හා සබැඳි ආගමික කර්තව්‍යන් හා රාජ්‍ය උත්සව එම මැයි මස 30 වැනි දින යොදා ගැනීමට අදාළ රාජ්‍ය නිලදාරීන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේලා විසින් නිකුත් කළ අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.